බලන්න මේක පෙනුමෙන් පොඩි එක ස්පීකරයක්. රේඩියෝ එක සමඟ කාඩ් රීඩරයක් සහ යූඑස්බී පෝට් එකක්. ඒ කියන්නෙ තමන්ගෙම එම්පීත්‍රී සින්දු අහන්නත් පුළුවන්. පාවිච්චි කරපු අයිතිකාරයා කියන්නෙ සාමාන්‍ය පොඩි කාමරයකට මේකෙ ශබ්දය හොඳටම ඇතියි කියලයි.
පවරප් වෙන්නෙ යූඑස්බී කේබල් එකකින්. මේක මුලින්ම නම් යූඑස්බී කේබල් එක කනෙක්ට් කලහම ඒකෙ බැට්රිය චාජ් වෙනවා උනත් පහුගිය දවස් වල පාවිච්චි නොකල නිසාම දැනට නම් දිගටම කේබල් එකින් කනෙක්ට් කරන්න වෙනවා කියලයි අයිතිකරු කීවෙ නම්.
ඇයි මේක උදව් වලින් දෙන්න හිතුවෙ කියලා ඇහුවහම අයිතිකරු කීවෙ ඔහු ඔහුගේ අනිත් සෙටප් එක ගන්න කම් මේක පාවිච්චි කලත් දැන් මේක අමතරව තියෙන එකක් නිසා දෙන්න හිතුවයි කියලයි.
අවශ්‍ය කෙනෙක් ඇත්තටම තමන්ට මෙහෙම එකක් අවශ්‍ය කෙනෙක් ඉල්ලන්න !
මේකෙ අයිතිකරු සහ භාන්ඩය දැනට තියෙන්නෙ කොළඹ උනත් ඉල්ලුම් කරු කොහෙ උනත් ලබා දෙන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් වෙයි කියලයි හිතන්නෙ. එක ඉල්ලුම්කරුවෙකුට වඩා හිටියොත් අපි ඒකත් බලමු ලැබිය යුතු වඩාත්ම සුදුසු ඉල්ලුම් කරු හෝ කාරිය තෝරා ගන්න ක්‍රමයකුත් ඇති වෙයි.
මේක සමඟ සම්බන්ධ වෙන රිමෝට් කන්ට්‍රෝල් එක. අයිතිකරු කීවෙ කාලයකින් පාවිච්චි නොකල නිසා වැඩ නොකරාවි කියලයි. නමුත් බොහොම හොඳට වැඩ කරන බව පේනවා
මට මේක ඕනි නැහැ එත් මේ වගේ එකක් හදන හැටි කවුරු හරි දන්නවනම් කියලා දෙනවද
ReplyDeleteමේක හොද වැඩක් දිගටම කරන්න මාත් ඉස්සරහට මොනා හරි දෙන්නම්
අපි බලමු ඉදිරියෙදි මේ වගේ එකක් හදන හැටි කියලා දෙන්න අයෙක් අපත් සමඟ එක් වේවි. ඔහු/ඇය අපට කියාදේවි ඒ ගැන. මතුපිටින් පේන විදියට නම් අන්තර්ගතය වෙන්නෙ ස්පීකරයක් රිචාජබල් බැටරියක් සහ අදාල කනෙක්ටරයන් . සිත් ඇද ගන්නා සුළු නිමාවකින් කල බොක්ස් එක තමා වටිනාකම වැඩි කරලා තියෙන්නෙ
ReplyDelete