උදව් කරන්න...
උදව් ඉල්ල ගන්න...

Thursday, June 27, 2013

රේඩියෝ යූඑස්බී සහ කාර්ඩ් රීඩර් එකක් සමඟ FM Radio , SD Multimedia Card Reader and USB YG-007

මේ වැඩේ පටන් ගන්න දවසෙම කාට හරි උදව්වක්  කරන්න ලැබීමට අවසථාවක් ලැබීම ඉතාමත් හොඳ දෙයක් විදියට සලකනවා..



බලන්න මේක පෙනුමෙන් පොඩි එක ස්පීකරයක්. රේඩියෝ එක සමඟ කාඩ් රීඩරයක් සහ යූඑස්බී පෝට් එකක්. ඒ කියන්නෙ තමන්ගෙම එම්පීත්‍රී සින්දු අහන්නත් පුළුවන්. පාවිච්චි කරපු අයිතිකාරයා කියන්නෙ සාමාන්‍ය පොඩි කාමරයකට මේකෙ ශබ්දය හොඳටම ඇතියි කියලයි.

පවරප් වෙන්නෙ යූඑස්බී කේබල් එකකින්. මේක මුලින්ම නම් යූඑස්බී කේබල් එක කනෙක්ට් කලහම ඒකෙ බැට්‍රිය චාජ් වෙනවා උනත් පහුගිය දවස් වල පාවිච්චි නොකල නිසාම දැනට නම් දිගටම කේබල් එකින් කනෙක්ට් කරන්න වෙනවා කියලයි අයිතිකරු කීවෙ නම්.

 ඇයි මේක උදව් වලින් දෙන්න හිතුවෙ කියලා ඇහුවහම අයිතිකරු කීවෙ ඔහු ඔහුගේ අනිත් සෙටප් එක ගන්න කම් මේක පාවිච්චි කලත් දැන් මේක අමතරව තියෙන එකක් නිසා දෙන්න හිතුවයි කියලයි.
අවශ්‍ය කෙනෙක් ඇත්තටම තමන්ට මෙහෙම එකක් අවශ්‍ය කෙනෙක් ඉල්ලන්න !

මේකෙ අයිතිකරු සහ භාන්ඩය දැනට තියෙන්නෙ කොළඹ උනත් ඉල්ලුම් කරු කොහෙ උනත් ලබා දෙන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් වෙයි කියලයි හිතන්නෙ. එක ඉල්ලුම්කරුවෙකුට වඩා හිටියොත් අපි ඒකත් බලමු ලැබිය යුතු වඩාත්ම සුදුසු ඉල්ලුම් කරු හෝ කාරිය තෝරා ගන්න ක්‍රමයකුත් ඇති වෙයි. 

මේක සමඟ සම්බන්ධ වෙන රිමෝට් කන්ට්‍රෝල් එක. අයිතිකරු කීවෙ කාලයකින් පාවිච්චි නොකල නිසා වැඩ නොකරාවි කියලයි. නමුත් බොහොම හොඳට වැඩ කරන බව පේනවා


අපි මොකද්ද කරන්න යන්නෙ ?

මේක අළුත් අදහසක් කියලා හිතනවා සිංහල බ්ලොග් අවකාශයටම...

මෙතනින් අපි උදව් කරමු..

මෙතනින් අපි උදව් ඉල්ලමු..

බලමු අපිට උදව්වක් ඉල්ලන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්ද කියලා..

ඒක මුදල්මය වෙන්න ඕනිම නෑ..

නිදසුනක් ගනිමු.

මම ළඟ තියෙනවා පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී හෝ බ්ලුරේ තැටියක්..මම ඒක පාවිච්චි කරලා ඉවරයි.  තව කෙනෙකුට මේක දෙන්න පුළුවන්. නමුත් ඒක සීඩී තැටි ගොඩේ එකතු වෙවී තියෙනවා මිසක් දෙන්නෙ නෑ. කවද හරි විසි කරන්න වෙනවා. එහෙම නාස්ති වෙන්න තියෙන දෙයක් අපිට බෙදා හදා හදා ගන්න පුළුවන් නම්...

මෙතැන අපි ඒකට තෝතැන්නක් කර ගනිමු...

වටිනාකමක් නොපෙනෙන පොඩි දෙයක් වෙන්න පුළුවන්..

ඒක වටිනාකමක් දැනෙන කෙනෙකුට දෙමු..
එන්න අපි හා එක් වෙන්න..

මේක තනිකරම අන්‍යෝන්‍ය විශ්වාසය මත සිද්ධ වෙන දෙයක්..

අවසාන අරමුණ සතුට ! මුදල් වලින් මිලදී ගන්න බැරි සතුට !